කොරෝනා මර්දනය සදහා නිපදවා ඇති දේශීය ඖෂධය මේ වන විට අවසන් සායනික පරීක්ෂණ සදහා යොදවා ඇතැයි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
එම සායනික අධ්‍යනයෙන් අනතුරුව එය රෝගීන් වෙත ලබා දීමට අවශ්‍ය නිර්දේශය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
ඉන් අනතුරුව මෙම දේශීය ඖෂධය කිසිදු මුදල් අය කිරීමකින් තොරව සමස්ත ලංකාවාසීන්ටම නොමිලයේ ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටියේය.ඒ පිලිබදව වෙද මහතා සමග දැනටම සාකච්චා කර ඇති බවද ඇමතිවරයා තව දුරටත් පැවසීය.