මහනුවර දිගන අලුත්වත්ත ප්රදේශයේ අද (05) ත් සුළු භූ කම්පනයක් ඇතිව තිබීමත් සමග වික්ටෝරියා වේල්ල සම්බන්ධව බලධාරීන් දැඩි අවදානයෙන් පසුවන බව වාර්තා වේ.
අද එය සිදුව ඇත්තේ පෙරවරු 5.40 ට පමණය.
පසුගිය නොවැම්බර් 29 වනදා පස්වරුද මෙවැනි තත්ත්වයක් උදා වූ අතර මෙම කම්පනයත් සමග පසුගිය මාස තුනක කාලයක ඇති වූ හයවන භූ කම්පනය මෙය බවට වාර්තා වේ.
බලධාරීන් ප්රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය තරමක් අවදානම් බවකි.