මෙරට ජාතික පුවත්පත් සමාගමක 33දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
මේ පිළිබද තහවුරු ගැනීම සදහා අප සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්.එල්. ද එස්. විජයමුණි මහතාගෙන් විමසූ අවස්ථාවේ කියා සිටියේ එම ආයතනයේ 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි.
ඔවුන් සියලුදෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බව වෛද්‍යවරයා සදහන් කරයි.එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 52දෙදෙනා නිරෝධායනයට යොමු කර ඇති බව වෛද්‍යවරයා පවසයි.
එමෙන්ම එම ආසාදිතයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයින් ද දැනුවත් කර ඇති බව සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්.එල්. ද එස්. විජයමුණි මහතා වැඩිදුරටත් අප වෙත පැවසීය.
( ARUNA )