පැනිය බෙදීම නවත්වයි..අදින් පස්සෙ එන්න එපා වෙදමහතා ජනතාවගෙන් ඉල්ලයි.

0

කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් අද ධම්මික බංඩාර වෙද මහතාගේ නිවසට රැස්ව පැමිණ තිබුණා.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටියේය.

තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදාගෙන තිබුණා.අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කරනවා.

කෙසේවෙතත් ධම්මික බංඩාර වෙදමහතාගෙන් මෙම ඖෂධ ලබාගැනීමට පැමිණි අති විශාල ජනතාව සෞඛ්‍ය නීතිවලට පටහැනිව කටයුතු කරනු දක්නට ලැබුණු බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා.පොලීසිය යොදාගනිමින්,එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් සෞඛ්‍යාරක්ෂි ක්‍රමවේද අනුගමනය කරන ලෙස දැන්වූවත් ජනතාව එම පණිවිඩ ගනනකට නොගත් බව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම මෙම ඖෂධය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් සිටින බැවින් මෙය බෙදාහැරීම තාවකාලිකව නවත්වන ලෙසට සෞඛ්‍ය අංශ ධම්මික බංඩාර වෙදමහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඊට ප්‍රතිචාර දක්වමින් ධම්මික බංඩාර වෙදමහතා පවසා සිටින්නේ මෙම ඖෂධය නිෂ්පාදන කර තබාගෙන සිටින බවත් රජයෙන් කියන තුරු තාවකාලිකව ඖෂධය බෙදාහැරීම නවත්වන බවත් ය.

එබැවින් සෞඛ්‍ය අංශවලින් පවසන තුරු තමන්ගේ නිවසට නොපැමිණෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටින බව ධම්මික බංඩාර වෙදමහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.එමෙන්ම මෙම පරීක්ෂණ ඉක්මන් කර කොරෝනා වසංගතය තුරන් කිරීමට මෙම ඖෂධ යොදාගැනීමට තමන්ට ඉඩ දෙන ලෙස වෙදමහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here