ධම්මික පැණිය හොදයි කියා අපි කිව්වෙ නෑ – GMOA.

0

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා සොයා ගත් කොරෝනා රෝගය වෙනුවෙන් ලබා දෙන පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව මාධ්‍ය වාර්තා කරා. මේ අතර මෙම පැනිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම සහයෝගය ලබාදීමට සූදානම් බවට පල වූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව අප වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අප සමග පැවසීය.

මේ වන විට එවැනි ඖෂධ කිහිපයක්ම කොරෝනා රෝගය වෙනුවෙන් හඳුන්වාවා දීමට විවිධ පුද්ගලයින් කටයුතු කර ඇති බවත් ඒවා සායනිකව පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විද්වත් මණ්ඩලයකින් සැදුම් ලත් කමිටුවක් බවත් එම කමිටුව පිළිබඳව තමන්ට සෑහීමකට පත් විය හැකි බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා .

යම් කිසි හෙයකින් එම ඖෂධය නිසි සායනික පරීක්ෂාවක් ඔස්සේ මෙම මණ්ඩලය අනුමත කිරීමෙන් පසු , මෙය භාවිතයෙන් කොරෝනා රෝගය සුව වන්නේ නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව පමණක් තමා ප්‍රකාශ කළ බව ඔහු දන්වා සිටියා.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පැවසුවා .

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම වෛද්‍ය සභාව පිළිගන්නා ක්‍රමවේදයකින් පසු වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here