සපුගස්කන්ද කර්මාන්තපුරයේ සේවකයකු නිදි යහනේම මිය ගිහින්.

0

සපුගස්කන්ද කර්මාන්ත පුරයේ ආයතනයක සේවකයකු එම ආයතනයේ නේවාසිකාගාරයේ නිදි යහන මතම මිය ගොස් සිටියේ දී පෙරේදා ( 08 වැනිදා ) පෙරවරුවේ හමුවී තිබේ.

එම සේවකයා එදින පෙරවරුවේ සේවයට වාර්තා නොකිරීම නිසා සොයා බැලීමේදී ඔහු මෙසේ නිදි යහන මත මිය ගොස් සිටියදී හමුවිය.

මියගොස් තිබුණේ මතුගම, මහගෙදරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ක්‍රිස්ටෝපර් සුසන්ත පෙරේරා නමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

බියගම හදිසි මරණ පරීක්ෂක හර්ෂජිත් ගුණසේකර මහතා විසින් මේ පිළිබඳව මරණ පරීක්ෂණය පෙරේදා ( 08 වැනිදා ) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේ දී පවත්වා මළසිරුර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට පොලිසියට නියෝග කළේය.

පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබූ අතර, ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය රාගම මහා රෝහලේ දී පැවැත්වීමට කටයුතු කර තිබේ.

එහිදී සපුගස්කන්ද පොලිසියේ සැරයන් ජයරත්නගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් එම පුද්ගලික ආයතනයේ වැඩ අධීක්ෂක නිමල් ගාමිණී (52) මෙසේ සඳහන් කෙළේය. ‘‘මියගිය සේවකයා එම ආයතනයේම සේවක නේවාසිකාගාරයේ නැවතී සිටින අයකුයි. මෙදින මොහු පෙරවරු 8.00 ට වෙනදා මෙන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළේ නැහැ. ඒ නිසා ආරක්ෂක නිලධාරියකුගෙන් විමසා බැලුවා. එවිට ඔහු කීවා මේ සේවකයා සේවක නේවාසිකාගාරයෙන් එළියට ආවේ නැහැ කියලා. පසුව අපි සේවක නේවාසිකාගාරයට යන විට මොහුගේ කාමරයේ දොර වසා තිබුණා.

අපි මොහුට කතා කළා. නමුත් මොහු කතා කළේ නැහැ. අපි දොර කඩා බලන විට මොහු නිදි යහන මතම මිය ගොස් සිටියා.

ඉසුරු අසංක – සපුගස්කන්ද( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here