ගල්කිස්ස දුම්රියපොළේ චීන භාෂා පුවරුවට එරෙහිව විමර්ශන

0

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තබා ඇති දැන්වීම් පුවරුවක චීන (මැන්ඩරින්) භාෂාව සටහන්වීම පිළිබඳව රාජ්‍ය භාෂා කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙන අදාළ විමර්ශනය ආරම්භ කර ඇත.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙලෙස දැන්වීම් පුවරුවක චීන භාෂාව සටහන්වීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ.

වෙනත් රටක භාෂාවක් භාවිත කරමින් රාජ්‍ය ආයතන දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර නාමපුවරු ප්‍රදර්ශනය කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවන් වන සිංහල හෝ දෙමළ භාෂාවෙන්ගෙන් හෝ විකල්ප භාෂාවක් වන ඉංග්‍රිසි භාෂාවෙන් පමණි.

•නයන තරංග ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here