සාදික්කා සඳහා සරු කාලයක්..මිල ඉහළ ගිහින්.

0

සාදික්කා සඳහා වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙරට වාර්ෂික සාදික්කා අස්වැන්න මෙට්‍රික් ටොන් 5100 කි. රට තුළ වාර්ෂික සාදික්කා පරිභෝජනය මෙට්‍රික් ටොන් අටකි.

ඉකුත් වසරේදී (2019) සාදික්කා මෙට්‍රික් ටොන් 2658 ක් අපනයනය කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පැවසුවේය. මෙරට අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 2600 කට වැඩි ප්‍රමාණයක් අපනයනය කළද, රට තුළ තවත් මෙට්‍රික් ටොන් 2500 ක් පමණ පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

සාදික්කා අස්වැන්න වසර පුරාම ලැබෙන බවත්,මහනුවර,මාතලේ,කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් සාදික්කා නිෂ්පාදනය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

මෙරට වෙළෙඳපොළේ සාදික්කා කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 600.00 ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here