රිටිගල වෙද පරම්පරාවෙන් තවත් පැණියක්..දේවේන්ද්‍ර දෙවියන් වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියයි.VIDEO

0

කොරෝනා උවදුරට මුලු ලෝකයම පිළියම් සොයමින් සිටී.මේ වනවිට රටවල් ගණනාවක් කොරෝනා මර්ධනයට හැකි එන්නත් නිෂ්පාදන කර තිබෙන අතර රටවල් කිහිපයක් එම එන්නත් ජනතාවට ලබාදෙමින් පවතී.කෙසේවෙතත් ඇමරිකාවේ ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකුටද අසාත්මිකතා ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්ථා කර තිබුණි.

ලෝකයම කොරෝනා මර්ධනයට එන්නත් සොයන පසුබිමක අපේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාව,හෙළ වෙදකම ප්‍රයෝජනයට ගනිමින් පැණියක් නිශ්පාදනය කිරීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පියවර ගෙන තිබුණි.මේ වන විට එම පැණිය සායනික පරීක්ෂණ මට්ටමේ පැවතියත් බොහෝ ජනතාව එය ලබාගෙන තිබෙන අතර ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායක ඇතුලු ආණ්ඩු පක්ෂ මංත්‍රීවරුද මෙම පැණිය පානය කර තිබුණි.

මේ අතර කොරෝනා මර්ධනය කිරීමට හැකි තවත් පැණියක් කරලියට පැමිණ තිබේ.රිටිගල සිංහක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කොරෝනා පැණිය හදුන්වා දුන්නා.

ඔහු පවසා සිටියේ වසංගතයක් ඇතිවූවහොත් වසංගතය ඇතිවූ විදියත් වසංගතයට යොදන බෙහෙතත් පිළිබඳව ලියවිච්ච රිදී සන්නස් රන් සන්නස් වලට අනුකූලව මෙම පැණිය නිර්මාණය කර තිබෙනව බවයි.

තම වෙද ගෙවල්වලට පැමිණෙන රෝගීන්ට මෙම පැණිය ලබාදී ඇති අතර මේ වනවිට එමගින් සාර්ථක ප්‍රථිපල ලබාගෙන ඇති බවද රිටිගල සිංහක්කාර වෙද පරම්පරාවේ දේවේන්ද්‍ර දේවියන්වහන්සේ යැයි පවසන අයෙකු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here