මවගේ අවමංගල්‍යයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට

0

මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ, පිරිසක් සමඟ රහමෙර පානය කළ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම ස්ප්‍රීතු පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පෙරේදා (13) රාත්‍රියේ ඔවුන් මෙලෙස එම ස්ප්‍රීතු පානයකර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here