මුව ආවරණ භාවිතයේදී කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
“අද දෙරණ” Big Focus වැඩසටහනට එක්වෙමින් මහාචාර්යවරයා පැවසුවේ එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවය.
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඇමරිකාවේ පවා කොවිඩ් සඳහා මෙම කපාටයක් සහිත මාස්ක් අනුමත කර නැති බවයි.එමෙන්ම තවත් රටවල් ගණනාවක් මෙම මුව ආවරණ කොවිඩ් සඳහා තහනම් කර ඇති බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියා.