ඇසට් ලංකා සමාගමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරන චීන සමාගමට බාධා.

0

යහපාලන ආණ්ඩුවට හිතවත් නානායක්කාර නැමැත්තෙකුට අයත් ඇසට් ලංකා සමාගමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරන චීන සමාගමට තර්ජන හා බාධා කිරීම් සිදුකරන බවට රහස්‍යය වාර්තාවක් බුද්ධි අංශය වෙත ලැබී ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීම සඳහා එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම යහපාලන ආණ්ඩුව පිහිටුවා මාස 3ක් ඇතුලත කැබිනට් අනුමැතියක් ලබාගෙන මෙම ඇසට් ලංකා සමාගම වෙත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. මෙහිදි එම සමාගම විසින් විශාල මුදල් සම්භාරයක් යහපාලන ඇමතිවරුන්ට ලබා දී ඇත.දුරකතනය ඔස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ පාස්කරලිංගම් හා කබීර් හශීම් විටින් විට ගණන් වැඩි කර මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඇසට් ලංකා වෙත ලබාදී ඇත.2013 දී මංතීරු හයකට සැලසුම් කර තිබූ මෙම අධිවේගී මාර්ගය මංතීරු හතරක් දක්වා අඩු කර කලින් මංතීරු 6 ඇස්තමේන්තු කර තිබූ මුදලටම ලබාදී ඇත.

වසර 4 ක යහපාලන ආණ්ඩු සමයේ දී මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසෙහි වැඩ ආරම්භ කිරීමට නොහැකි විය. තවද වසර හතරක් යනතෙ ක් චීන එක්සිම් බැංකුවේ ණය මුදල් අනුමත කර ගැනීමට යහපාලන ආණ්ඩුවට නොහැකි විය.චීන සමාගමක් මෙම ඉදිකිරීම් කටයුතු 2020 දී ආරම්භ කළ අතර වත්මන් රජය විසින් බිලියන 16.7 ක් අත්තිකාරම් ගෙවා කඩවත මීරිගම කොටසෙහි මෙසේ වැඩ ආරම්භ කරන ලදී. අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව දැන ගත් ඇසට් ලංකා සමාගම චීන සමාගම බිය වද්දමින් කප්පම් ඉල්ලා ඇත. චීන සමාගම මෙහිදී එසේ මුදලක් ලබාදීමට හේතුව විමසා සිටිය දී ඇසට් ලංකා ආයතනය පවසා ඇත්තේ යහපාලනය
රජයේ හිටපු අමාත්‍යවරුන්ට ගෙවීමට එම මුදල් අවශ්‍ය බවයි.පසුගිය ජනාධිපතිවරණයේ දී ඇසට් ලංකා සමාගන ජලනි ප්‍රේමදාස වෙත රුපියල් කෝටි 25ක්ද ලබා දී ඇත.

ඇසට් ලංකා සමාගම චීන සමාගනෙන් තමුන්ට මුදල් ලබා දෙනතෙක් කඩවත් මීරිගම කොටසෙහි වැඩ කිරීමට උපකොන්ත්‍රාත්කරුවන් ලබා නොදෙන බවට තර්ජනය කර ඇත. උප කොන්ත්‍රාත්කරුවන් ලබා නොදීම හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් මන්දගාමී වී ඇත

මෑතකදී චූඩාමාණික්‍යක් පැලදවූ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකට චූඩාමාණික්‍යය ලබාදුන්නේද මේ නානායක්කාර විසිනි. මෙහිදී ප්‍රකට ව්‍යාපාරිකයකු වන ආතර් සේනානායක මහතා ඩෙංගු රෝගීන් මිය ගිය සිය පුතුට පින් පිණිස සාදවා තිබූ චූඩාමානික්‍යය ඉවතට දමා නානායක්කාර විසින් බලහත්කාරයෙන් චෛත්‍යය රාජයාණන් වහන්සේට චූඩාමාණික්‍ය ලබා දුන්නේද මේ වංචා සහගතව ඉපයූ මුදල් වලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here