උපාධිධාරින් හට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ ප්රාසාංගික කලාවේදි විශේෂ උපාධියක් හිමි උපාධිධාරිනියක් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බව මාතලේ දිසා පාර්ලිමේන්තු මන්ත්රී (ශ්රී ල.පො.පෙ) රෝහණ කුමාර දිසානායක ඊයේ (15 වැනිදා) පැවැති මාතලේ දිස්ත්රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේදී පැවසීය.
මාතලේ දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්රධානත්වයෙන් මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
වනජීවී දෙපාර්තමේන්තුවට දැම්මේ අලින්ට විණා වයන්න උගන්වන්නද? වත්මන් රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට විධිමත්ව ක්රියාත්මක වෙනවා. මේ යටතේ කලා උපාධියක් හිමි උපාධාරිනියක් වනජීවී දෙපාර්තමේන්තුවට දාලා තියෙන බවට මා වෙත තොරතුරු ලැබී තියනවා. මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි. අනුයුක්ත කිරීමේදි සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ මාතලේ දිස්ත්රික් ලේකම් කරුණාසිරි පෙරේරා සඳහන් කළේ පත්වීම් ලිපි දීලා නැහැ. පුහුණුව සඳහා යොදවන්න ඇති යැයිද එහිදී පැවසීය.
ගැමුණු ධර්ම ශ්රී හේරත් – මාතලේ