ධම්මිකගේ පැණිය පරීක්ෂණයෙන් ඉවතට

0

covid – 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් නිර්දේශ කර තිබු කෑගල්ල ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් දේශීය ඖෂධයක් ලෙස සැකසු “පැණිය” සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ කටයුතු වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂධ වර්ග 3ක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත භාර දෙන බවට කලින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබුනත් පසුගිය (18) වැනිදා පැවති ඒ සඳහා අනුමැතිය ලබා දීමේ හමුවට ඉදිරිපත් කර තිබුණේ ඖෂධ වර්ග 2ක් පමණක් බව එම සභාව පවසයි.

ඒ අනුව මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධයෙන් සැකසු “පැණිය” සම්බන්ධ යෝජනාව ඒ අතර නොවූ බව බව අප කළ විමසුමකදී එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා Colombo Gazette වෙත පැවසිය.

covid – 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් හඳුනාගත් දේශීය ඖෂධ වර්ග මහජනයාට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳවත් පරික්ෂා කර බැලීමත්, ඒ වෙනුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අරමුදල් සැපයීමේ බලයත් පැවරී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවටයි.

පසුගිය (18) පැවති එම හමුවට දේශීය ඖෂධ වර්ග 2 ක යෝජනා පමණක් ඉදිරිපත්ව තිබුණේ ආචාර්ය හර්ෂ සුබසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී නෙරංග අබේසිංහ යන මහත්වරුන්ගේ පමණක් වන අතර එම දේශීය ඖෂධයන්හි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන් බව එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here