කොවිඞ් – 19 වෛරසය වැළඳුණ රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රජය විසින් නම්කර ඇති සාලාව රජයේ රෝහලේ නේවාසික රෝගීන් 40 දෙනකුට පමණ දින 03 ක කාලයක සිට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති අය විසින් උදේ ආහාර ලබාදී නැතැයි රෝගීන්ගේ ඥාතීහු පවසති.
මෙම රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර සැපයීම වෙනුවෙන් එම කොන්ත්‍රාත්කරුට ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම නිසා ඔහු විසින් පසුගිය 17, 18 සහ 19 යන දිනවල රෝහලේ නේවාසික රෝගීන්ට උදේ ආහාර වේල ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි එම ඥාතීහු පවසති.
දිනෙන් දින රෝහලට ඇතුළත් වන රෝගීන් වැඩිවන අවස්ථාවක දැඩි මානසික පීඩනයකින් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන මෙම රෝගීන් කුසගින්නේ නොතබා දෙපාර්ශ්වයේ එකඟතාව මත මෙම ගැටලූව විසඳා ගැනීමට වගකිවයුතු අංශවල කඩිනම් අවධානය යොමුවිය යුතු බව රෝගීන්ගේ ඥාතීහු පවසති.
රෝහලේ නේවාසික රෝගීන් පත්වූ අපහසුතාවය කෙරෙහි කඩිනම් අවධානය යොමුකළ රෝහලේ ප්‍රධාන වෛiවරිය හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේත් පරිත්‍යාගශීලී වෙළෙඳ ප්‍රජාවගේත් සහයෝගයෙන් මෙම රෝගීන්ට උදේ ආහාර වේල නොමිලේ ලබාදීමට ගත් කඩිනම් කි‍්‍රයාමාර්ගය අගය කළ යුතු බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් සාලාව රජයේ රෝහලේ ප්‍රධාන වෛiවරියගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.
රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර සපයන කොන්ත්‍රාත්කරුට ලැබිය යුතු චෙක්පතක් ප්‍රමාද වීම නිසා පසුගිය 17 දින සිට රෝහලේ නේවාසික රෝගීන්ට උදේ ආහාර වේල ලබාදීමේ ගැටලූවක් මතුවුණා.
මේ ගැන පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ අදාළ අංශ දැනුවත් කළා. ඒ අනුව මෙම ගැටලූව කඩිනමින් විසඳේවි.
පාදුක්ක – නීල් රාජපක්ෂ ( දිවයින )