අවශ්‍ය ප්‍රතිසංවිධාන නොකළොත් සිංහල අවුරුද්ද සමරන්න වෙන්නෙත් නෑ..ආණ්ඩුව හැදුවෙ පැණියෙන් හෙළුව වහගන්න.

0

පසුගිය ඔක්තෝබර් මාසයේ අනතුරු ඇඟවීමක් කළා.මේ විදියට අවශ්‍ය ප්‍රතිසංවිධාන නොකළොත් සිංහල අවුරුද්ද සමරන්න වෙන එකක් නැහැ කියල.මේ වෙද්දි කොවිඩ් මර්දනය අරාජිකත්වයට පත්වෙලා යැයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ඒ මහතා එසේ පැවසූවේ ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවට ඊයේ (21) එක් වෙමිනි.එහිදී ඒ මහතා මෙසේද කීය.

මේ රටේ අවුරුදු 2500 ක් පමණ පැරණි හෙළ වෙදකම,ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තියෙනවා.ඒ වගේම නවීන බටහිර වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා.මේ වෙනකොට කිසිම රටකින් කොවිඩ් රෝගයට නිශ්චිතම ඖෂධයක් හදලා නැහැ.ඒ නිසා කවුරුන් හෝ ඒ සඳහා නිවැරැදිම ඖෂධයක් සොයා ගන්නවා නම්,කෘතඥතාව පළ කරනවා.අපිට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෝකයට ගෙනයන්න ඒක හොද මඟක්.

ඕනෑම බෙහෙතක් රෝගීන්ට දෙන්නට ඉස්සර සායනික පරීක්ෂණ කළ යුතුයි.මේ පැණිය ගැනත් සායනික පරීක්ෂණයක් කළා.නමුත් ඒක නිශ්චිත පරීක්ෂණයක් නෙවෙයි.තවත් පරීක්ෂණයක් සිදුකර මෙහි ඇත්තක් තියෙනවාද යන්න සොයා බැලිය යුතුයි.

ඒ නිසා කවුරුන් හෝ ඒ සඳහා නිවැරැදිම ඖෂධයක් සොයා ගන්නවා නම්,කෘතඥතාව පළ කරනවා.අපිට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෝකයට ගෙනයන්න ඒක හොද මඟක්.

ඕනෑම බෙහෙතක් රෝගීන්ට දෙන්නට ඉස්සර සායනික පරීක්ෂණ කළ යුතුයි.මේ පැණිය ගැනත් සායනික පරීක්ෂණයක් කළා.නමුත් ඒක නිශ්චිත පරීක්ෂණයක් නෙවෙයි.තවත් පරීක්ෂණයක් සිදුකර මෙහි ඇත්තක් තියෙනවාද යන්න සොයා බැලිය යුතුයි.

නමුත් රජය කලේ ඒක නොවෙයි.රජය කලේ රජයෙන් ඈත්වෙමින් යන ජාතික ව්‍යාපාර පිනවම සඳහා පැණිය ව්‍යාප්ත කිරීමයි.කොවිඩ් වසංගතය විසඳුමක් නැතිව පැතිරෙමින් තිබෙද්දී ආණ්ඩුවේ හෙලුව වහගන්න පැණියට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදුන්නා.

අපිට අවශ්‍ය ලංකාවෙන් කොවිඩ් තුරන් කරන්න.ඒ වෙනුවෙන් උපරිම ශක්තිය අපි ලබාදෙනවා.ඒ අතර අපි හැමෝම ආණ්ඩුවට බල කළ යුතුයි.මේ යන ගමන වෙනස් කරලා නිවැරදි මාවතකට කොවිඩ් මර්දන ව්‍යාපාරය ගෙනයන්න කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here