රාජ්‍ය ඇමති විමලවීර දිසානායකගේ පුතුගේ බිරිද හදිසියේ මිය යයි.

0

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ වැඩිමහල් පුතුගේ බිරිය වන ප්‍රබෝධනී කෞශල්‍යා මහත්මිය හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඉකුත් 22 වැනි දින රාත්‍රී ඇය නිවෙසේ නිදි යහනේ සිටින විට ඇයගේ ස්වාමියා වන සුපුන් දිසානායක මහතාට කෙදිරිලි හඬක් ඇසී බලන විට ඇය සිහිසුන් තත්වයෙන් සිටි අතර පසුව 1990 ගිලන් රථයකින් අම්පාර මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

ඇය රෝහල වෙත ඇතුළු කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.පසුව ඇයගේ පී.සී.ආර් පරීක්ෂණය පවත්වා ඇති අතර එහිදී ඇය කොරෝනා රෝගියෙකු නොවන බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.

1991.11.23 මෙලොව එළිය දුටු ඇය සමන්තුරේ මහජන බැංකුවේ සේවය කළ බැංකු නිළධාරිනියකි.දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) අම්පාර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

( උපුටාගැනීම – මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here