මන්නාරමේ ඉල්මනයිට් නිධියට ඔස්ට්‍රේලියාව ඉව අල්ලයි.

0

එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට පවා නතුකර ගැනීමට නොහැකි වූ මන්නාරම් දූපත ඔස්ට්‍රේලියාවේ පතල් කැණීම් සමාගමක් මගින් අත්පත් කර ගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පුවත් සේවයක් වන ABC News අනාවරණය කරන මෙම දූපතේ ඉල්මනයිට් ඛනිජය වාණිජ වශයෙන් කැණීම සඳහා ඔස්ට්‍රේලියානු සමාගමක් සූදානම් වෙයි.

රැම්සා බිමක් වන මෙහි පාරිසරික වටිනාකම මෙන්ම දූපත් වාසීන්ගේ ජනජීවිතයද එමගින් අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී ඇති බවද එම පුවත් සේවය ඊයේ (23 වැනිදා) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව කිලෝමීටර් 26ක් දිග කිලෝමීටර් 08ක් පළල මෙම දූපතේ කැණීම් කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි ‘ටයිටේනියම් සෑන්ඩ්ස් (Titaniam Sands) සමාගම සිය කැමැත්ත පළකර ඇත. ඉහතකී ඉල්මනයිට් සොයා ගැනීම සඳහා 2018 සිට දූපත ආශ්‍රිත ගවේෂණ සිදුකර ඇත්තේද මෙම සමාගමයි. (ශ්‍රී ලංකාව සමග එළැඹුණු ගිවිසුමකට අනුව) එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජේම්ස් සියර්ල් ප්‍රකාශ කර ඇත්තේ වසර 30ක කාලයක් කැණීම සඳහා ඉල්මනයිට් මෙම දූපතේ පවතින බවයි.

එමෙන්ම මෙම දූපතේ පවතින ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ වන්කලායි කුරුලු අභය භූමියද (රැම්සා සම්මුතියට අයත්) මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විනාශ වනු ඇතැයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here