නිළධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් කලුතරට ධානපතියෙකු දුන් PCR යන්ත්‍රය තවමත් සවිකර නෑ.

0

කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ධානපති ව්‍යාපාරිකයෙකුගෙන් ලද පී.සී.ආර් යන්ත්‍රය ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සවි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී එම ආයතනයේ නිලධාරීන්ගේ මත ගැටුමක් හේතුවෙන් එය ස්ථාපිත කිරීම දිනෙන් දින කල් යන ලකුණු පහළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වෛරසයෙන් දැඩි අවදානමක් කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට හටගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ වාර්තා පමාවීම හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්වයක්ද හටගෙන ඇත.

එවැනි තත්වයක් තිබියදී පරීක්ෂණ සඳහා අවශ්‍ය පී.සී.ආර් යන්ත්‍රයට වැය වන බරපැන ලබාදීමට ව්‍යාපාරික ධානපතියෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

මෙම කටයුත්ත සඳහා මීට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන්,ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන්,එම යන්ත්‍රය මිලදී ගැනීමට බලාපොරොත්තු වන සමාඟමේ නිළධාරීන් මෙන්ම ඒ සඳහා අනුග්‍රහය දක්වන ධානපතියා හා සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවක්ද පවත්වා එම යන්ත්‍රය සවි කිරීමට සුදුසු ස්ථානය ලෙස ජාතික සෞඛ්‍ය විද්‍යායතනය විද්‍යායතනයේ රසායනාගාරයේ කොටසක් සුදුසු බව එම අවස්ථාවේදී තීරණය කළ අතර එළැඹෙන ජනවාරි මස මුල් සතියේ දී එය ආරම්භ කිරීමට එකඟතාවයන් ද ඇති විය.

මෙම සියලුම කටයුතු සඳහා ලක්ෂ එකසිය තිහක් පමණ වැයවන බව දැනගත් ව්‍යාපාරික දානපතියා එම මුදලින් අටකටත් වඩා රුපියල් ලක්ෂ 80ක මුදලක් එම අවස්ථාවේදීම පරිත්‍යාග කෙරිණ.

එම පී.සී.ආර් යන්ත්‍රය සවි කිරීමෙන් අනතුරුව ඊට අවශ්‍ය අමතරව උපකරණ හා සහ රසායනික ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යංශ ලබාදීමටද එහිදී ගෙන එකඟතාවයක් ඇති විය.

කළුතර දිස්ත්‍රික්කයට පී.සී.ආර් යන්ත්‍රයක අවශ්‍යතාව ඉතා දැඩිව පවතින්නේ ඒ සඳහා මැදිහත් විය යුතු නිලධාරියෙකු නිසි අයුරින් ඒ සඳහා මැදිහත්වීම නොවීමෙන් කරු වෛරසය ශරීරගත වී තිබේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටින දහස් ගණනක් ජනතාවගේ බලාපොරොත්තු දිනෙන් දින බොඳවී යනවා පමණක් නොව තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී රජයට තවත් අමතර මුදලක් වැයකිරීමට සිදු වීම වැය කිරීමට සිදුවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් රජයට මූල්‍ය ශක්තියක් ලබා දීමට ඉදිරිපත් වන දෙවිවරු වැනි මිනිසුන් අප සමාජයෙන් ඈත් වීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි ද මෙම ක්‍රියාව අනුමත නොකරන බහුතරයකගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here