මියගිය කාන්තාවකගේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී covid 19 ආසාදිත ඇතැයි තහවුරුව තිබියදීත් කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු විසින් එම මියගිය අය ආසාදිතයකු නොවන මරණයක් ලෙස වෛද්‍ය වාර්තාවේ සඳහන් කිරීමේ දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අනාවරණය විය.
කොල්ලුපිටිය මුහුදු මාවතේ පදිංචි වීරසාමි පුෂ්පරාණි නමැති 65 හැවිරිදි දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් එම විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාවේ එලෙස සඳහන් කැර ඇත.
ඉහත මියගිය කාන්තාවගේ ඥාතීහු එකී නිවසේ නිරෝධායනයට ලක්ව සිටියදී ඉකුත් 24 වන දින ඇයට ඇති වූ අසනීප තත්ත්වයක් නිසා රෝහල කරා රැගෙන එමින් සිටියදී මෙසේ මියගොස් තිබේ. කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මියගේ නියෝගයකට යටත්ව කොල්ලුපිටිය පොලිසියේ අධීක්ෂණය යටතේ එම මියගිය කාන්තාවගේ PCR පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී ඇයට Covid – 19 posstiv ලෙස වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණ. ඒ අනුව කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මහතා වෙත මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට මරණ පරීක්ෂකවරිය පියවර ගත්තාය.
දේහයේ කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට Covid – 19 posstiv වී තිබියදීත් ඇය ආසාදිතයකු නොවූ මරණයක් ලෙස සලකන ලෙසත් මරණයට ආසන්න හේතුව ඇයගේ ආමාශ පිළිකා සංකූලතාවයක් බවට ඔහුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කැර තිබිණි. Covid – 19 posstiv වූ මරණයකදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ නීති-රීති රෙගුලාසිවලට යටත්ව හා අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට අනුකූලව එකී දේහය එම ඥාතීනට ලබාදීමට මරණ පරීක්ෂක ලෙස කටයුතු කැර ඇති බවත්, ඒ අනුව එම දේහය කිසිදු මල්ශාලාවක එම්බාම් කිරීමට හෝ දේහය කිසිදු කැපීමකට ලක් නොකර දේහයේ අවසන් කටයුතු ලෙස ආදාහනය කිරීමට තමා පොලිසියට නියෝග කළ බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය අවධාරණය කළාය.