කෝටි 10 කට VOC බඩු විකුණන්න ගිය හිමිනම ඇතුලු පිරිස අත් අඩංගුවට

0

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙනවිත් තිබූ වීඕසී පළගනාවක් ඇතුළු ඉපැරණි භාණ්ඩ කිහිපයක් සමග හිමිනමක ඇතුළු සැකකටයුතු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (31 වැනිදා) මෙම වැටලීම කළේය.

පුරාවස්තු ජාවාරමක් සඳහා පැමිණි හිමිනමක් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු මහනුවර නගරයේ හෝටලයක සති දෙකක පමණ කාලයක් නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී වී ඕ සී භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශකයකු මෙරටට පැමිණෙන තුරු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ඊට අදාළ රුපියල් ලක්ෂ 10ක් පමණ වන හෝටල් බිල්පත් පවා විදේශිකයා ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ පදිංචි ගිහි පිරිසක් සහ ගනේගොඩ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් මෙසේ කොටුවී ඇත. මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මෙම අත්අඩංගුවට ගැනීම මෙහෙය විය. ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් මුදාහැර ඇත. ඉපැරණි භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම භාණ්ඩ සොරකම් කරන ලද්දේද, එසේත් නොමැති නිධානයකින් ගන්නා ලද්දක්ද, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇත්ද, නීතිවිරෝධී ක්‍රියාවක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here