ශ්‍රී ලංකා වෛද්‍ය සංඟමයෙන් කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර.

0

කොවිඩ් ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට අවසර ලබාදිය හැකි බව ශ්‍රීලංකා වෛද්‍ය සංඟමයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවයි.

ඒ අනුව කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාරගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්ථා වී නොමැති බව මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.ඒ අනුව වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්වයෙන් එය සැලකිය යුතු කාලයක් පැවතිය නොහැකි බවත් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වූවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

භූමදාන කළ මළ සිරුරුවලින් ඇතිවිය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්ස්‍රාවීය ද්‍රවයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකි බවයි.ඒ අනුව කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරු භූමදානයට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංඟමය විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here