’සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ කියලා දුමින්ද නිදහස් කරමු – මුරුත්තෙට්ටුවේ හිමි.(Video)

0

දුමින්ද සිල්වා මහතා යනු මහජන නියෝජිතයෙකු ලෙස සමාජය වෙනුවෙන් සහ විශේෂයෙන් දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් සිදුකළ පුද්ගලයෙකු බැවින් ඔහු තවදුරටත් සිරගතව සිටිය යුතු පුද්ගලයෙකු නොවන බව නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කළයුතු බවයි ආනන්ද හිමි පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළයුතු බව මුරුත්තෙට්ටුවේ හිමි පවසනවා.

යහපාලන රජය සමයේ සිදුකළ වැරදි සම්බන්ධයෙන් සොයා බලා සාධාරණය ඉටු කරන බවට වත්මන් රජය පොරොන්දුවක් ලබාදුන් බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ ඒ අනුව දුමින්ද සිල්වා මහතාටද සාධාරණය ඉටුවනු ඇති බවයි.

‘සබ්බේ සත්තා – භවන්තු සුඛිතත්තා’ යන බුදු වදන අනුව කටයුතු කළයුතු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here