රිටිගල පැණිය කොවිඩ් රෝගීන් 60 ට දී 59 සුවයි..පීසීආර් වාර්තා මාධ්‍යට පෙන්වයි VIDEO

0

කොරෝනා වෛරසයට එරෙහිව තමන් විසින් සොයා ගත් රිටිගල පැණිය කොරෝනා රෝගීන් 60 දෙනෙකුට ලබා දුන් බවත් ඔවුන් අතරින් දින තුනක් ඇතුලත රෝගීන් 59 දෙනෙකු සුව වූ බවත් රිටිගල දේවේන්ද්‍ර මහතා අද මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා.

වෛද්‍යවරුන් සමඟ එකතුවී සිදුකළ සායනික පරික්ෂාවකදී රෝගීන් 60 දෙනෙකුට තම ඖෂධය ලබා දුන් බවත් ඔවුන් අතරින් රෝගීන් 59 දෙනෙකුගේ පීසීආර් වාර්ථා Negative වූ බවත් එම වාර්තා මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් රිටිගල දේවේන්ද්‍ර මහතා පැවසීය.ඊට අදාල රස පරීක්ෂණ ඇතුලු සියලු වාර්තා තමා සතුව පවතින බවද ඔහු මෙහිදී පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here