මාසයක් රටම ලොක්ඩවුන් කරන්න..වෙන කරන්න දෙයක් නෑ – වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය

0

මාසයක පමණ කාලයකට මුළු රටම හුදකලා කර කොරෝනා පැතිර යෑම පාලනය කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.මේ ආකාරයට නම් වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බවද ඒ මහතා කීය.

රටේ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව නිසි තක්සේරුවක් කළ යුතු බවද ඒ මහතා පැවසීය.ගුවන්තොටුපළ විවෘත කිරීම හරහා කොරෝනා වසංගතය යළි අලුත් වී මෙරටට එන බවත්,දිගින් දිගටම පාසල් කාර්යාල පොදු ප්‍රවාහන කටයුතු හා මුඛ ආවරණ පැළඳ ගෙන මේ ආකාරයට කටයුතු කිරීම ප්‍රායෝගිකව කරගෙන යෑමට නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙයත් හරියට තිස්වසරක් පැවති සටන වගේ යැයිද අවසන් වසර දෙකේදී සැලසුමකට අනුව එය අවසන් කළා සේ කොරෝනා වෛරසය රටින් තුරන් කර දැමීමට නම් නිශ්චිත කාලයකට රටම lockdown කර වසංගතය රටින් අතුගා දැමිය යුතු බව ද බවද ඒ මහතා කීය.

එම කාලය සති දෙකක් ද සති හතරක් ද යන්න තීරණය කර ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුලින් සිදුකළ සිදු කළ ආකාරයට රටම නිරෝධායනයට ලක් කළ යුතු බවද බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.

එසේ නොකර තැන තැන lockdown කර පීසීආර් සිදුකරමින් මෙයාකාරයට කටයුතු කිරීම හරියට වසර විසි අටක කාලයක් සැරින් සැරේ රටේ මෙහෙයුම් සිදුකළ සේ ක්‍රියා කිරීමක් දැයි ඒ මහතා පැවසීය.ඒ නිසා කොරෝනා වෛරසයට රට රටතුළ පැතිර යයි ඇති ආකාරය පිළිබඳව නිසි තක්සේරුවක් කර සැලසුමක සැලසුමකට අනුව රටම දින කිහිපයකට lockdown කර නිසි පාලනයකට යටත් කිරීම හැර විකල්පයක් නැතැයි ද ඒ මහතා පැවැසීය.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here