රුවන්මැලි මහසෑයට සැදැහැවතුන් විසින් පූජා කළ අටපිරිකර කිහිපයක් සොරාගැනීමට කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උඩමළුව පොලිසිය පියවර ගෙන ඇත.
මොවුන් දෙදෙනා විසින් රුවන්වැලි සෑයේ පේසාවළලු මත තැන්පත් කර තිබූ අටපිරිකර 4ක් සොරාගෙන යාමට තැත් කරද්දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.
මෙම පිරිකරවල වටිනාකම රුපියල් 10,000 ඉක්මවන බවද වාර්තා වේ.