කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදී ඇති නිර්ණායක පවා නොතකා විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීමේ මාෆියාව කටයුතු කිරීම පිළිබඳව ඔහු අදහස් දක්වා තිබේ.
මෙරටට ගෙන්වන ලද යුක්රේන් සංචාරකයන් එම සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන කිසිවක් නොතකා කටයුතු කරන ආකාරය මාධ්‍ය මගින් හෙළිකර තිබේ. මේ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වා තිබුණේ මෙසේය.
“රට විවෘත කර ඇති අවස්ථාවක රටේ පවතින නීති අනුව ඕනෑම පුද්ගලයෙක් ජීවත් විය යුතුයි. රටේ ආර්ථිකය මෙන්ම අනෙකුත් අංශ නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවේවි. මේ බව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අය මෙන්ම විදේශ ජාතිකයන්ද අවබෝධ කර ගත යුතුයි” යනුවෙනි.
මූලාශ්‍රය දිනමිණ