ආණ්ඩුව මේ රට කුණු බක්කියක් කරල,රෙදි ඇදන්ද මේව කරන්නෙ (VIDEO )

0

සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ලොකු සෙතක් වී නැති බවත් සංචාරකයින් ගෙන්වාගැනීමට වඩා රටේ ජනතාවවගේ ඕනෑ එපාකම් ඉටුකිරීම රජයේ පළමු වඟකීම වියයුතු බව කාදිනල් හිමිපාණන් පවසනවා.එම නිසා කොහෙවත් ඉන්න පිටරැටියන් මෙරටට ගෙනත් මේ රට පුරවන්නැතුව අපේ රටේ ජනතාව මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පවසනවා.

පාලකයින්ට මේ රට භාරදී ඇත්තේ තාවකාලිකව බවත් එම නිසා මේ රටේ දේවල් බදු දීමටවත්,විකිණීමටවත් දේශපාලඥයින්ට බලයක් නැති බවත් උන්වහන්සේ පවසනවා.බිස්නස් කරන දේශපාලඥයින් තමන්ගේ පෞද්ගලික දේපල,බූදල් වලින් බිස්නස් කරන ලෙසත් පොදු දේපලවලින් බිස්නස් කිරීම වහාම නැවැත්විය යුතු බවත් කාදිනල් හිමිපාණන්වහන්සේ මාධ්‍ය අමතා පවසා සිටියා.

එමෙන්ම මේ වනවිට ආණ්ඩුව සහ ව්‍යාපාරිකයින් මුලු ශ්‍රී ලංකාවම කුණු බක්කියක් බවට පත්කර ඇති බවත් එවැනි කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.ඒ සඳහා ජනතාව සමඟ එක්ව කටයුතු කරන බවද මෙම මාධය හමුවේදී කාදිනල් හිමියන් පවසා සිටියා.

මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත හෝටල් සංකීර්ණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට කැඳවා තිබූ මාධ්‍ය සාකච්ජාවේදී උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here