කොරෝනා රෝගය මෙන් කුරුලූ උණ රෝගය ද මෙරටට පැමිණීමේ අවදානමක් මතුව ඇතැයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසීය.
මෙසේ කුරුලූ උණ මෙරටට පැමිණීමේ අවදානම ඇතිව තිබෙන්නේ යුරෝපය ඇතුළු රටවලින් ජීව කුකුළන් ගෙන්වීම නිසා බව ද අත්තනායක මහතා කීය. දැනටමත් ඉන්දියාව සහ යුරෝපා රටවල කුරුලූ උණ ව්‍යාප්ත වී තිබෙන බවත්, අපේ රටට එම රටවලින් ජීව කුකුළන් ගෙන්වීමට කටයුතු කළහොත් අපේ රටට ද කුරුලූ උණ පැමිණිය හැකි බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඔහු කීය.
මේ වනවිට රටේ බිත්තර අතිරික්තයක් පවතින බවත් වෙළඳ පොළේ බිත්තරයක තොග මිල රු.10 ක් වැනි මිලකට පවතිද්දී මෙලෙස කුකුළන් ගෙන්වීම පිටුපස ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවත් හෙතෙම පැවසීය.
මෙම ජාවාරමට මෙරට කුකුල් මස් ව්‍යාපාරයේ නියුතු ප්‍රධාන සමාගම් තුනක් සම්බන්ධ බවත් ඔවුන් මෙරට ග්‍රාමීය මට්ටමින් සිදු කරන කුකුළන් ඇති කිරීමේ ව්‍යාපාරය බිඳ දමා ඒකාධිකාරියක් පිහිටුවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.