ලාංකිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කිරීමට එරෙහිව ශවේන්ද්‍රගෙන් හෝටල් හිමියන්ට දැඩි ලෙස අවවාද.

0

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රීලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා යොමුකරන හෝටල් හිමියන්ට යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැඩි ලෙස අවවාධ කර ඇති බව වාර්ථා වේ.

හෝටල් තුළ නිරෝධායනය වන පුද්ගලයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගන්නා බවට දිගින් දිගටම පැමිණිලි ලැබීම හේතුවෙන් ඔවුන් ගෙන්වා මෙලෙස අවවාද කර තිබේ.

ඊයෙ පස්වරුවේ හෝටල් හිමියන් සමඟ මෙම හමුවීම සිදුවී ඇති අතර එහි දී හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ අයකරන මුදළ තව දුරටත් අඩුකර විදේශ රටවල සිට පැමිණෙන ලාංකිකයන්ට අඩු මුදළක් යටතේ නිරෝධායනය වීමට අවශ්‍ය පහසුකම සලසා දෙන ලෙසයි. එහි දී කිසිම ආකාරයකින් ලබාදෙන පහසුකම් අඩු නොකරන ලෙසද දන්වා තිබේ.

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන බොහෝ පිරිස් හෝටල් තුළ නිරෝධායනය වන්නේ මුදල් තිබෙන නිසාම නොවන බවද දන්වා ඇති හමුදාපතිවරයා කිසිම ආකාරයකින් කොමිස් මුදල් කිසිඳු පාර්ශ්වයකට ලබා නොදෙන ලෙසද පවසා තිබේ.

එවැනි කොමිස් මුදලක් හෝ වෙනත් වරප්‍රසාද ඉල්ලන පුද්ගලයන් සිටියහොත් ඒ පිළිබඳව කොවීඩි මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායට, යුධහමුදාවට , හෝ යුධ හමුදාපතිවරයාට සෘජුවම දන්වන ලෙස දන්වා හෝටල් හිමියන්ට දුරකථන අංකද ලබාදී තිබේ.

මෙම සිදුවීමත් සමඟ හෝටල් වලින් කොමිස් මුදල් අයකර ගත් කණ්ඩායමක් යුධ හමුදාපතිවරයා සමඟ දැඩි වෛරයකින් පසුවන බවද වාර්ථා වේ.

පසුගිය කාලයේ කොරෝනා දෙවනි රැල්ල ව්‍යාප්තිය හේතුවෙන් යුධහමුදාව මගින් ලබාදුන් නොමිලේ නිරෝධායන පහසුකම සීමා කිරීමට සිදු වූ අතර ඊට හේතුව එම නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්ගාන ගිය ගොඩනැගිලි කොරෝනා රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමයි.

මේ හේතුවෙන් හෝටල් තුළ නිරෝධායනය වීමට කැමති පිරිස් සඳහා මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් පසුගිය කාලයේ ලබාදුන් අතර පසුව අනාවරණය වූයේ ඒ හරහා නිරෝධායනය වීමට පැමිණෙන ලාංකිකයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගන්නා ජාවාරමක් තිබෙන බවය.

ඒ හේතුවෙන් හෝටල් හිමියන්ව සෘජුව කැඳවා මේ පිළිබඳව දැනුවත් කිරීමට යුධහමුදාපති වරයා පියවර ගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here