නව කොරෝනා ප්‍රභේදය හමුවූ ආසාධිතයා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්

0

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණි.

ඒ අනුව එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.එම වෛරස් ප්‍රභේදය B117 ලෙස හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එංගලන්තයේ සිට පැමිණි තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව අද දෙරණ පසුගිය 4 වනදා වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here