ජාවාරම් කරන මාධ්‍ය අයිතිකාරයෙක් අපිට මඩගහනව…අපි නඩු දානව ( VIDEO ).

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මනතාට හිතවත්ව කටයුතු කරන මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් රජයේ වෛද්‍යවරුන්ගේ සංඟමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට අපහාස කරමින් සිටින බව එම සංඟමය පවසනවා.මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංඟමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

සභාපතිවරයාගේ නායකත්වයෙන් තම සංඟමය කොරෝනා උවදුර අපේ රටට පැමිණි මොහොතේ සිට මේ දක්වාම රෝගීන් සමඟ ගැටෙමින් මෙම වෛරසයෙන් ලාංකීය ජනතාව ආරක්ෂාකිරීමට කටයුතු කළ බවත් එම නිසා ඕනෑම මොහොතක වෛද්‍යවරු මෙන්ම අනෙකුත් සේවකයින්ට මෙම වෛරසය වැළදීමට ඉඩ තිබෙන බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටිනවා.එම නිසා කිසිම මොහොතක තම සභාපතිවරයා සැඟවී නොසිටි බවත් ව්‍යාජ පුවත් පළකරමින් එම මාධ්‍ය නඩය තම සංඟමයට අපහාස කිරීමට උත්සහ කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් ඔහු පවසනවා.

මෙම මාධ්‍ය ජාවරමට අයත් පුවත්පත,ගුවන්විදුලිය සහ රූපවාහිනී චැනලය හරහා අසත්‍ය පුවත් සමාජගත කරමින් සිටිනබවත් ඔහු පවසා සිටිනවා.කිරිපිටි සංඟම්වලින්,දුම්වැටි සංඟම්වලින් මුදල් ලබාගෙන තම සංඟමයට මඩ ගැසූ පමණින් තම සටන කිසි ලෙසකින් නොනවත්වන බවත් නවීන්ද සොයිසා මහතා පවසනවා.එම ක්‍රියා සම්බන්ධයෙන් තම සංඟමයේ නීතීඥවරුන් විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවද වෛද්‍යවරයා පවසා සිටියා.

පසුගිය දිනෙක රජයේ වෛද්‍යවරුන්ගේ සංඟමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාගේ නිවෙසේ ප්‍රිය සම්භාෂණයක් පැවැත්වුණු බවත් ඒ සදහා පැමිණි වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් අරුණ පුවත්පත වාර්ථා කර තිබුණා.තව දුරටත් එහි වාර්ථා වී තිබුණේ ඒ අනුව කොවිඩ් ආශ්‍රිතයෙක් බවට පත්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන කටයුතු මඟහැර ඇති බවයි.එම පුවත්පත අයිති වන්නේ දෙරණා මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here