වත්තකට පැන පොල් ගෙඩියක් ගත් සැකකරුට ලක්ෂයක ඇප.

1

වත්තකට ඇතුළු වී පොල් ගෙඩියක් සොරා ගත් චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඊයේ (19 වැනිදා) නියෝග කළේය.

වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට සැකකරු භාරදීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත. පොල්ගෙඩියක වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රුපියල් 120ක් පමණ වේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එවැනි වටිනාකමක් ඇති පොල් ගෙඩියක් සොරා ගැනීම සම්බන්ධයෙනි.

( චාමර පල්ලෙගෙදර – අරුණ )

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here