නංගී හනිමූන් යන්න මොහොතකට පෙර අයියා යුවළ ඉදිරිපිට ඇද වැටී මිය යයි.

0

සිය නැගෙන මධුසමය ගතකිරීම කිරීම සඳහා යෑමට මොහොතක් තිබියදී සහෝදරයා මංගල යුවළ ඉදිරිපිට දී ඇද වැටී 25 මියගොස් ඇතැයි පිලියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත මහර නුගේගොඩ පදිංචිව සිටි සුපිරි වෙළඳසැලක ගබඩාවක සේවය කරන්නකු වූ ගයාන් අනුරාද කාරියවසම් යන තිදරු පියෙකි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මනාලයාගේ පාර්ශ්වය සහ කඩවත ප්‍රදේශයේ පදිංචි මනාලියගේ පාර්ශවය අතර මංගල උළෙල පවත්වා ඇත්තේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ හෝටලයක බව හදිසි මරණ පරීක්ෂකවරයා පරීක්ෂක වරයා පැවසීය .

දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා මංගල යුවළ ඉදිරිපිට සංගීතයට අනුව තාලෙට අත්පුඩි ගසමින් නටමින් විනෝද වෙමින් සිටියදී මේකෙ පුද්ගලයා එකවරම මේසයක් මතට ඇද වැටී ඇති අතර වහා ක්‍රියාත්මක වූ මංගල උළෙලට සහභාගි වූ කිහිප දෙනෙකු විසින් පිලියන්දල දිසා රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මළ සිරුරු පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව හදිසි මරණ පරීක්ෂක විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here