රාජගිරියේ සබීතාගේ බිල්ඩිමට තවමත් කෝටි 2 ක්.

0

රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගෙට භාගයක් පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලිවල බව රජයේ විගණන කාර්යාලයේ නිලධාරීහු හෙළි කර සිටිති.

මේ සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඔවුහු කියා සිටිති.

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් මණ්ඩල අනුමැතිය එකට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට මසකට රුපියල් දෙකෝටි දස ලක්ෂයක මුදලක් කුළී වශයෙන් ගෙවා තිබිණි.

වත්මන් පාලනය යටතේ එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කළත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළි කර සිටිති.

මෙරට පිහිටි රාජ්‍ය,සංස්ථා,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන හාරසියයකට අමතරව ප්‍රාදේශීය කාර්යාලද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යමින් කුලිය වශයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවන බවද ඔවුහු පවසති.මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් සකසා ඒ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට විගණන නිලධාරීහු පිරිසක් කටයුතු ආරම්භ කර ඇthat

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here