ජන­පති රුව යොදා බොරු පළ කළේ ජවිපෙ වුව­ම­නා­ව­ටයි පරි­ග­ණක ශිල්පියා පිළි­ගනී.

0

මාධ්‍ය ආය­ත­න­වල ලාංඡන භාවිත කර­මින් ආණ්ඩුව අප­හ­සු­තා­ව­ට පත් වන අන්ත­වාදී ප්‍රවෘත්ති පළ කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රවෘත්ති අංශයේ පරි­ග­ණක චිත්‍ර ශිල්පියා ලබන මස 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාරගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් ශලනි පෙරේරා මහ­ත්මිය ඊයේ (27) නියෝග කළාය.

තමන් මෙම ප්‍රවෘත්ති නිර්මා­ණය කෙළේ ජනතා විමුක්ති පෙර­මුණේ වුව­ම­නාව අනුව බව සැක­කරු වන වීර­ප්පු­ලිගේ දුමින්ද සෙන­රත් යන අය රහස් පොලි­සියේ ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත.

සැක­කරු සම්බ­න්ධ­යෙන් රහස් පොලි­සීය කරුණු දැක්වීමේ දී සැක­කරු විත්ති කූඩුවේ සිහි­සුන්ව ඇඳ වැටුණු අතර ඔහු සම්බ­න්ධ­යෙන් මාන­සික වෛද්‍ය වාර්තා­වක් කැඳ­වී­මට අධි­ක­ර­ණය නියම කරන ලදී,

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඡායා­රූ­පය යොදා ගනි­මින් මුහුණු පොතේ වෙනත් මාධ්‍ය ලාංඡන භාවිතා කර­මින් මොහු විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඇති අතර මැද­ගොඩ අභ­ය­තිස්ස හිමිගේ ප්‍රකා­ශ­යක් ද විකෘති කර පළ කර ඇති බවට කරුණු අනා­ව­ර­ණය වී තිබේ. පරි­ග­ණක පනතේ 6 වැනි වග­න්තිය දණ්ඩ නීති සංග්‍ර­හයේ 120 වග­න්තිය සහ බුද්ධි­මය දේපළ පනතේ 186 වැනි වග­න්තිය යටතේ චෝදනා ගොනු කර­මින් පරි­ග­ණක වෝහා­රික අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here