මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව දියත උයන ආසන්නයේදී මාර්ගයේ ගමන්ගත් මවක හා කුඩා දියණියකද අනතුරට පත්කරමින් “දියවන්නා ඔය“ ට පෙරළී තිබේ.
ඊයේ (28) රාත්රියේ එම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එම අනතුරින් 35 හැවිරිදි මව බරපතළ තුවාල ලබා ඇති අතර ඇයගේ 10 හැවිරිදි දියණිය සුළු තුවාල ලබා තිබේ.
ඔවුන් මේවන විට කලුබෝවිල රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.
වැලිකඩ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.