ටයිල්..නානකාමර කට්ටලවල මිල 300% ඉහළට

0

දේශීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් ටයිල් ආනයනය කිරීම නතර කර දැමීමට රජය ගත් පියවරත් සමඟ ටයිල් හා නාන කාමර උපකරණ කට්ටල වල මිල ගණන් සියයට ගණන් 300% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ටයිල් හා නාන කාමර කට්ටල ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති කාමයෙන් හුසේන් මහතා පැවසීය.

මේ නිසා ටයිල් වෙළදාමෙන් නිරත ව්‍යාපාරිකයන් රැසකට සිය වෙළඳාම් කටයුතු අඩාල වී පවුල් ලක්ෂ ගණනකගේ ආදායම් අහිමි වී ඇතැයි ඒ මහතා කියා සිටී.දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආනයනික ටයිල් මත බදු වැඩිකිරීම නිසා දේශීය වශයෙන් තල් නිෂ්පාදනය කර අලෙවි කරන සමාගම් ටයිල් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් ගොඩනඟා ගෙන ඇතැයිද කාමය කාමයට හුසේන් මහතා කීය.

දේශීය කර්මාන්ත නගා සිටුවීමට තමන් කිසිලෙසකින්වත් එරෙහි නොවන නමුත් එය කළ යුත්තේ දේශීය නිෂ්පාදනය නගා සිටුවීමෙන් පසුව යැයි ද හෙතෙම පැවසීය.මේ වන විට ටයිල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු ගණනාවක් මතුව තිබෙන බව ද බව ද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ෆ්ලෝ ටයිල්,වෝල් ටයිල් හා නාන කාමර කට්ටල වල මිල ගණන් 300% කින් ඉහළ යෑම නිසා මහජනතාව ද දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර එවැනි ඉහළ මිළ ගණන් වලටත් වෙළඳපොලේ ටයිල් මිලදී ගැනීමට නැතැයිද ව්‍යාපාරිකයෝ කියා සිටිති.

ටයිල් කර්මාන්තයේ හා එම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින මෙම ගැටලු සම්බන්ධව සොයා බලා ටයිල් ආනයනයට අදාළව පණවා තිබෙන බදු අඩුකරන ලෙසත් දැනට දේශීය ටයි නිෂ්පාදනයට අදාළව පවතින ප්‍රශ්න නිරාකරණය කරන ලෙසත් ටයිල් ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුණහොත් මෙම ව්‍යාපාර වලින් ඉවත් වනවා හැර වෙනත් විකල්පයක් තමාට නැතැයි ද ඔහු ඔවුහු කියා සිටිති.මේ සම්බන්ධයෙන් ටයිල් හා නාන කාමර කට්ටල නරි කරුවන්ගේ සංගැනි කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ දැනට දේශීයව නිපදවන ටයිල් වලින් 50% ක් වත් වෙළෙඳපොළ අවශ්‍යතා පිරිමසා ගත නොහැකි බවයි.එම නිසා මේ වන විටත් ටයිල් වෙළඳසැල් රැසක් ම වැසී ගොස් ඇතැයි ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here