මඩොල්සිම අවට යළිත් පොළව සෙලවෙයි – පොළව යටින් වාහනයක් යනවා වගේ දැනුණා.

0

 

පස්සර ඇකිරිය ඇතුළු මඩොල්සිම පොලිස් වසමට අයත් ගම්මාන කීපයක ඊයේ (31 දා) අලූයම 2.56ට පමණ විශාල ප‍්‍රමාණයේ භූ කම්පනයක් සිදුවූ බව ගම්වාසීහු පිරිසක් පැවැසූහ.

දින 10ක පමණ කාලයක් ඇතුළත සිදුවූ සිව්වන භූ කම්පනය එය බවත් භූ කම්පනය තත්පර 30ක පමණ කාලයක් පැවැති බවත් ඔවුහු කියා සිටියහ.

විශාල වාහනයක් පොළව යටින් ගමන් ගන්නාක් මෙන් වූ දැවැන්ත හඬක් කන වැකුණු බවත් ඇතැම් නිවාස සෙලවී ගිය බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

භූ කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නැත.

‘‘අද (31) පාන්දර අපි හිටියේ හොඳටම නින්ද ගිහින්. ඒක පාරටම පොළව යටින් විශාල වාහනයක් යනව වගේ දැනුණා. වහළෙත් හෙල්ලූණා. ඒ ශබ්දෙට අවදිවෙලා බලද්දිත් පොළව යටින් ඒ ශබ්දය දිගටම ආවා. විනාඩියක් තරම් මේ සද්දේ තියෙන්න ඇති. වෙලාව බලද්දි අලූයම තුනට ඇති’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇකිරිය ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථ රියැදුරකු වන ප‍්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.

මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ් අවට ගම්මාන කීපයක ඉකුත් 22 වැනිදා දිනයේදී ද අලූයම 3.30, 3.38 ට හා අලූයම 3.56ට මෙවැනිම භූ කම්පන තුනක් සිදුවිය.

කන්දකැටිය – ජී. චතුරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here