පාසලේදී ලෙඩ වූ දැරිය රෝහලේදී මිය ගිහින්.

0

අසනීප තත්ත්වයක් හේතුවෙන් බුත්තල රෝහලටත්,එතැනින් මොණරාගල මහ රෝහලටත් ඇතුළු කිරීමෙන් පසු දොළොස් හැවිරිදි දැරියක් පෙරේදා සවස මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළ පෙට්ටගම්වෙල හතරමං හන්දිය බුත්තල ලිපිනය පදිංචි පියා ගෙමින්දි මලීෂා නමැති දොළොස් හැවිරිදි දැරියකි.

දහවල් ආහාර ගැනීමෙන් පසු සවස පන්ති ආරම්භ වූ අවස්ථාවේදී ක්ලාන්ත ගතියක් ඇති වී ඇති අතර වහාම ඇයගේ මිතුරියන් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ප්‍රථමාධාර ලබා දෙන අතරතුර බැරි දුන් දුරකථන අංකයට කතා කර ඇයගේ මවද පාසලට කැඳවා ගෙන තිබේ.

ඒ අතර 1990 ගිලන්රථ සේවයට ඇමතුම් රැසක් ලබාගෙන ඇතත් එය ප්‍රමාද වීම හේතුවෙන් මව පැමිණි ත්‍රීරෝද රථයෙන් දැරිය ගුරුවරියක සමඟ රැගෙන ගොස් බුත්තල රෝහලට ඇතුළු කිරීමේදී කිරීමේ දී වැඩිදුර ප්‍රතිකාර සඳහා තවත් වෛද්‍යවරියක සමඟ මොණරාගල මොනරාගල මහ රෝහලට යවා තිබේ.

එහිදී දැරිය මිය ගොස් තිබේ. මොණරාගල රෝහලේ දී දැරියට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු බව දැරියගේ ඥාතීහු පවසති.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වැල්ලවාය කලාප කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ඩබ්. සෝමපාල හා බුත්තල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය කාර්යාලයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුසිත් බණ්ඩාර දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ඩබ්.සෙනෙවිරත්න ඇතුළු අධ්‍යාපන නිලධාරී නිලධාරීහු පිරිසක්ද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොනරාගල රෝහලටත් දැරියගේ නිවසටත් පැමිණ සිටියහ.

මේ සම්බන්ධයෙන් අප මොණරාගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආර්.එම්.එස් රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ පවතින කොවිඩ් 19 අවදානම් තත්ත්වය හේතුවෙන් රෝගියෙකු රෝහලට ඇතුළත් කිරීමේ දී කිසියම් සුළු ප්‍රමාදයක් සිදු විය හැකි බවත් දැරියගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණ කිරීමට නියමිත බවත් ලැබෙන වෛද්‍ය වාර්තා වලින් පසුව මියයෑමට හේතුව නිශ්චිතවම කිව හැකි බවත්ය.

( උපුටාගැනීම -මව්බිම පුවත්පත )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here