ටයිල් තහනමෙන් මිනිස්සු අන්ත අසරණයි..පාවිච්චි කරපු කොමඩ් පවා ඉල්ලනව.( VIDEO )

0

නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් දෙවෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව අගමැතිවරයා විසින් නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට ආනයන පාලන ජනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය විසින් දැන්ම් දී තිබුණි.

කෙසේවෙතත් වෙළදපොළේ ටයිල් නිෂ්පාදන හිඟය හේතුවෙන් පාරිභෝගිකයින් විශාල ගැටලුවකට මුහුණ පා තිබේ.තිබෙන භාණ්ඩ වල මිල අසීමිතව ඉහළ ගොස් ඇති අතර ඇතැම් භාණ්ඩ ඉහළ මිළ ගණන්වලටවත් මිලට ගැනීමට නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

එමෙන්ම මේ වනවිට රුපියල් 15000 පමණ තිබූ කොමඩ් කට්ටලය රුපියල් 30000 පමණ වන බවත්,එම මිලටවත් ඇතැමුන් පාවිච්චි කළ කොමඩ් පවා සොයාදෙන ලෙසට ඉල්ලා සිටින බව මෙම ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින් පවසා සිටිනවා.එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here