තමන්ම හැදූ සැහැල්ලු ගුවන්යානය උඩ යැවූ අයෙක් පොලිස් අත් අඩංගුවට.

0

ගුවනේ නියමිත දුර ප‍්‍රමාණය ඉක්මවා අඩි 75 ක පමණ උසක් ප්ලාස්ටික් සහ රෙජිෆෝම් උපයෝගි කරගනිමින් අඩි 3 ක් පමණ දිග කුඩා ගුවන් යානායක් පියාසර කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරන පාදුක්ක අරුක්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයෙන් ප්ලාස්ටික් හා රෙජිෆෝම් ඇතුලූ වෙනත් උපාංග මිලදී ගෙන විනෝදාංශයට මෙවැනි සැහැල්ලූ ගුවන් යානා නිර්මාණය කර විවේක දිනවල දී කී‍්‍රඩා පිටිවලට ගොස් ඒවා ගුවන් ගත කිරීම සිදුකරන බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය තහවුරුකරගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

පාදුක්ක – නීල් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here