රජයේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දීමේ සැලසුමක්..MCC වෙන නමකින්..මිනින්දෝරු සංගමය.

0

රජයට අයත් ඉඩම් මැනීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොරියානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී, බී. උදාගොඩ මහතා දිවයින ට ඊයේ 10දා පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුව ඇමෙරිකාව සමග එක්ව මිලේනියම් චැලෙන්ජ් වැඩ සටහන හරහා මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකාවට ලබාදීමට ගත් උත්සාහය පරාජය කිරීමට අපිට හැකිවුණා. එදා එයට විරුද්ධ වුණ වර්තමාන ආණ්ඩුව අද කොරියාව සම`ග එක්ව වෙනත් නමකින් නැවත වරක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව අකර්මන්‍ය කර මෙරට ඉඩම් මැනීම කොරියානු සමාගමකට ලබාදීමට පිඹුරුපත් සකසමින් සිටින බවද හෙතෙම පැවසීය.

රජයේ මිනින්දෝරු ලෙස අපි රජයට අයත් ඉඩම මැනීමේ කටයුතු පුද්ගලික සමාගම්වලට ලබාදීමට ගෙන එන ඕනෑම යෝජනාවකට විරුද්ධයි. ලංකාවේ ඉඩම්වල හතර මායිම් දන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි.

රජය මෙම වැඩපිළිවෙළ නතර නොකළ හොත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගන්නා බවද උදාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව මැනුම්පතිනි ශ්‍යාමලි පෙරේරා මහත්මියගෙන් විමසූවිට ඇය පැවසූවේ දකුණු කොරියාව සහ ශ‍්‍රී ලංකාව අතර ඩොලර් මිලියන 500 ක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 50 ක් මැනුම් ව්‍යාපෘති සඳහා වෙන් වී ඇති බවත්ය.

මෙම ව්‍යාපෘතිය සඳහා මේ වෙත විටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මෙතෙක් මුදල් ලැබී නැති බවත් මුදල් ලැබුණු පසු ටෙන්ඩර් කැඳවන බව හා රජයේ තීරණය අනුව කටයුතු කරන බවත් මැහුම්පතිනිය වැඩිදුරටත් පැවසුවාය.

ප‍්‍ර‍්‍රියදර්ශන ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here