නිදහස් දින පෙළපාළියට විශේෂ රාජකාරි සඳහා පැමිණි සිවිල් ආරක්ෂක භටයකු කොවිඩ් වැලඳී අයි.ඩී.එච්. රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13 වැනිදා) සවස මියගොස් ඇත.
මෙය සිවිල් ආරක්ෂක බළකායේ පළමු කොවිඩ් මරණය මෙන්ම ඔහු පදිංචි සියඹලාණ්ඩුවෙන් වාර්තා වූ පළමු මරණයද වේ.
සියඹලාණ්ඩුව පහත අරාව ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දිසාපාල නමැති සිවිල් ආරක්ෂක භටයකු මෙසේ මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.