අතිකාල ගෙවන්න සල්ලි නැතිකමින් පී.සී.ආර් ප්‍රතිඵල පමාවක්.

0

රසායනාගාර සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමට රජයට මුදල් නොමැතිවීම හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වන බවට තොරතුරු වාර්තා වී ඇත.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු වූ පුද්ගලයන්ගේ ප්‍රතිඵල වාර්තා සතියකට අධික කාලයක් ප්‍රමාදීවීම හේතුවෙන් ඔවුන් රෝහල් වලින් ඒ පිළිබඳව විමසීමේ දී රෝහල් ප්‍රකාශකයන් පවසා ඇත්තේ අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණ කටයුතු සමහර අවස්ථාවලදී ප්‍රමාද වන බවය.

මේ පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අතිකාල දීමනා ගෙවීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවය.

අපිට පී.සී.ආර් පරීක්ෂණ සඳහා දීල තියෙන්නෙ ඉතාම පරණ තාක්ෂණයක්.ඒකේ පැය අටක් යනව පරීක්ෂණය කරන්න.අද දවසේ ගන්න පී,සී,ආර් සාම්පලයක් ලැබෙන වෙලාවත් එක්ක සමහර වෙලාවට එදාම කරන්න වෙන්නේ නැහැ.ඒක ඊළඟ දවසක තියාගන්න වෙනවා ඒකට හේතුව තමයි සම්පල් එක ආව වෙලාවට පරීක්ෂණ පටන් ගත්තොත් අපේ නිලධාරීන්ට ඉන්න වෙනවා පරීක්ෂණය ඉවරවෙනකම්.ගොඩක් ආයතන වල ඒ වෙනුවෙන් අතිකාල ගෙවන්න වැඩපිළිවෙළක් හදලා නෑ යනුවෙන් ඒ මහතා පැහැදිලි කළේය.

අතිකාල ගෙවීම් ඒ ප්‍රශ්නයට අමතරව රසායනාගාර නිලධාරීන්ට විවේකාගාරයක් හෝ තේකක් බොන්න කැන්ටිමක් වත් නැති තැන් තියෙනවා.ඒ වගේ පොඩි දේවල් සකස් කරන්නවත් අධ්‍යක්ෂවරුන්ට උවමනාවක් නෑ.

ජාතික රෝහලේ පී.සී.ආර් සඳහා අතිකාල ඉල්ලනකොට අධ්‍යක්ෂවරයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙනවා. එතනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙනවා.අපි දැන් සතියක විතර කාලයක් බලාගෙන ඉන්නවා ලියුම් එහාට මෙහාට වෙන හැටි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන ප්‍රශ්න සල්ලි සල්ලි නැති එක නම් ඒ නිසා මේක නිකන් කරන්න කියලා අපෙන් ඉල්ලීමක් ලිඛිතව කරන්න කියන්න.අපි වැඩ කරනවා එහෙම වුනොත්.ඒත් ඒ හා සමාන අනෙකුත් වියදම් ගැන අපි මතක් කරනවා.මොකද අතිකාල ගෙවන්න සල්ලි නැත්නම් තව බොහෝ දේවල් වලට සල්ලි නැති වෙන්න ඕන ඇයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන මූල්‍ය නිලධාරි ඩී.සී ගුණසේන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිකාල දීමනා ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here