ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් එන්නත්…ප්‍රජා වෛද්‍යවරුන්ගේ දැඩි කණස්සල්ල. ( VIDEO )

0

ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු කියා සිටියේතමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් සියලු දෙනාම ඉවසිල්ලෙන් සිටිය යුතු බවයි.

යම් යම් පුද්ගලයින් විසින් සැලසුමට පිටින් ගොස් විවිධ බලපෑම් කර දැන හැඳුනුම්කම් හා තනතුරු භාවිත කර එන්නත් ඉල්ලා සිටින තත්ත්වකට පත්ව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ප්‍රමුඛතා ලැයිස්තුවවට පිටින් මෙම එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංඟමය පවසනවා.එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here