නාගදීපය ඇතුලු උතුරු පළාතේ දූපත් තුනක් විදුලිබලාගාර ඉදිකිරීම සඳහා චීන සමාගමකට ලබාදීමට රජය ගත් හොඳ තීරණයක් යැයි උත්තර ලංකාවෙ ප්‍රධාන සංඝනායක සහ නාගදීප පුරාණ රජමහා විහාරාධිපති අති පූජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස නාහිමියෝ ‘‘දිවයින’’ට ඊයේ (23 දා) පැවසූහ.
වැඩිදුරටත් කරුණු දැක්වූ නාගදීප විහාරාධිපති හිමියෝ,රජය විසින් නාගදීපය ඇතුළු උතුරේ දූපත් තුනක් චීනයට විකුණා ඇති බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ දකුණේ දේශපාලනඥයනගේ් පටු දේශපාලනික අරමුණ ඉටුකර ගැනීමේ බොරු ප්‍රචාර බවත් නාගදීපය කිසි ලෙසකින්වත් චීනයට විකුණා නැති බවත් පැවසූහ.
නාගදීපය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට දැනට තිබෙන විදුලි බලය ප්‍රමාණවත් නැතැයිද එම නිසා චීනය විසින් නව විදුලි ව්‍යාපෘති ඉදිකිරීමෙන් පසු විදුලිබල මණ්ඩලය විසින් උතුරට වැඩි ධාරිතාවකින් යුත් විදුලි සැපයුමක් ලබාදෙනු ඇතැයි ද එම නිසා මෙය උතුරට ලැබුණු හොඳ සංවර්ධන ව්‍යාපෘතියක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.
නාගදීපයට පැමිණීමටත් ඉදිරියේදී චීනයෙන් අවසර ගැනීමට සිදුවේ දැයි ‘‘දිවයින’’ විමසූවිට එවැන්නක් සිදු නොවන බවද නාගදීප විහාරාධිපති හිමියෝ පැවසූහ