කොවිඩ් දේහ භූමදාන ගැසට්‌ එක එයි… ජනශුන්‍ය ප්‍රදේශවල කරන්න අවසර.

0

‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය නිසා මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කටයුතු කිරීමට රජය අවසර දී ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනයට ඊයේ (25 දා) රාති‍්‍ර සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති අතර එය මුද්‍රණය සඳහා ඊයේ මධ්‍යම රාති‍්‍රයේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි.

කොවිඞ් මරණ භූමදානය සම්බන්ධව නිර්දේශ නිකුත් කිරීම සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ උපදෙස් මත මෙම භූමදාන කටයුතු සිදුකිරීමට අවසර හිමි වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ජන ශුන්‍ය ප‍්‍රදේශයක සෞඛ්‍ය සේවකයන් විසින් අදාළ මළ සිරුරු භූමදානය කළ යුතුය.

ඒ සඳහා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට සම්බන්ධවිය නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here