වේල්ලවීදියේ හමුවූ මළ සිරුරේ හා පුද්ගලයාගේ තොරතුරු හෙළිවේ

0

කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබී සොයාගත් කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවගේ බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසිය පොලිස් පරීක්ෂකවරයකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම එම සිද්ධියට අදාල සැකකාර පොලිස් නිළදාරියාද මේ වනවිට මියගොස් තිබෙනවා.බඩල්කුඹුර කැලෑ බද ප්‍රදේශයක ගසක තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here