රටේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් ත්‍යාග ලබා දෙන බව පවසා කාන්තාවන් ඇතුළු දස දෙනකුගෙන් මුදල් වංචා කළ පුද්ගලයකු බලන්ගොඩ වැලිගෙපොල පොලිසිය විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගනු ලැබීය.
ගාමිණී පුර, කතරගම ලිපිනයේ පදිංචි හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.
මාධ්‍ය ආයතනයකින් කතා කරන බව පවසා බලන්ගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ කාන්තාවකට මොහු විසින් දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර එම කාන්තාවට ලක්ෂ ගණනක ත්‍යාගයක් ලැබී ඇති බවත් එම ත්‍යාගය ලබාදීම සඳහා කතරගම ප්‍රදේශයේ ඇති රාජ්‍ය බැංකුවකට රැපියල් 10,000 ( දසදහසක) මුදලක් බැර කරන ලෙසත් මොහු දන්වා තිබේ.
එම කාන්තාව රුපියල් දසදහසක මුදලක් ඔහු ලබාදුන් බැංකු ගිණුමට දමා ඇති අතර, සති කිහපයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති හේතුවෙන් මුදල් අහිමිවූ කාන්තාව වැලිගෙපොල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් සූක්ෂම ලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති වැලිගෙපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.එල්.කේ. හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මොහු කතකරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමේදී අනාවරණය වී ඇත්තේ මෙලෙස පුද්ගලයන් දසදෙනකුගෙන් රුපියල් දසදහස බැගින් බැංකු ගිණුම් හරහා මුදල් ලබාගෙන ඇති බවයි.